Tel No. (+94) 027-3276788

විද්‍යාලීය ආචාර ධර්ම පද්ධතිය

01

දිනපතා පෙ.ව 7.30 ට පෙර පාසලට නොපැමිණෙන විටදී ශිෂ්‍ය වාර්තා පොත මගින් දැනුම් දිය යුතුය.

 

02

එක් දිනකට වඩා පාසලට නොපැමිණෙන විටදී ශිෂ්‍ය වාර්තා පොත මගින්දැනුම් දිය යුතුය .

 

03

සියලුම සිසුන් පෙ.ව 7.30 සිට ප.ව 1.30 දක්වා කාලය තුල පාසල් භූමියෙන් නිසි අවසරයකින් තොරව නොයා යුතුය.

 

04

ජංගම දුරකථන , සීඩී තැටි , කැමරා වැනි නොගැලපෙන උපකරන හා පුවත් පත් , සගරා , පත්‍රිකා රැගෙන නොආ යුතුය

 

05

විදුහලේ ගෞරවයට හා නීතියට හානි වන පරිදි පාසල තුලදී හා පිටතදී හැසිරීම නොකල යුතුය

 

06

විද්‍යාලය තුලදී නවක වදය
සම්පූර්ණයෙන්ම
තහනම් වේ.

 

07

විද්‍යාලයේ සියලුම ගුරුවරුන්ට
කීකරුව හා අවනතව
සිටිය යුතුය

 

08

ශිෂ්‍ය නායක නායිකාවන් සමග
සහයොගයෙන්
කටයුතු කළ යුතුය

 

09

සිසුන් පිටස්තර පුද්ගලයින්ගේ ලියුම් පාසලට ගෙන්වා නොගත යුතු අතර සිසුන්ගේ නමට ලිපියක් ලැබුනහොත් එම ලිපිය විවෘත කර විමසා බලා නොමනා ලිපියක් නම් දඩුකර ලැබේ.

10

පාසලේ නීති රීති උල්ලංඝනය කරන
නොම පැවතුම් ඇති සිසුන්ට
සුදුසු දඩුවම් පමුනුවනු ලැබේ.එම වරද හා දඩුවම් පෞද්ගලිපි ගොනුවෙහි සටහන් කෙරේ.

11

පාසලෙන් චරිත සහතිකයක්
නිකුත් කිරීමේදී
පෞද්ගලිපි ගොනුවෙහි
සටහන් කල තොරතුරු
සැලකිල්ලට ගනු ලැබේ.

12

සිසුන්ට
හදිසි අවශ්‍යතාවයකදී පමණක්
ගුරුවරයෙකුගේ අවසරයක් ඇතිව
විද්‍යාලයීය දුරකතනය
භාවිතා කළ හැකිය.