රාජකීයය ගැන

එදා සිට අද දක්වා රාජකීයේ ගමන් මඟ……

අභිමානවත් රාජකීයය

ලාංකීය ධරණිතලයේ සෙසු පාසල් අතර පොලොන්නරුව රාජකීය විද්‍යාලයට සුවිශේෂි වටිනාකමක් හිමි වී ඇත්තේ ගුරු – සිසු දේපාර්ශවය තුලම , අතීතයේ පටන් අද දක්වාම නොනැසී පවතින හර පද්ධතිය සහ සුවිශේෂි අනන්‍යතාව හේතුවෙනි .

royal college polonnaruwa

වත්මන් රාජකීය මාතාව

ලාංකීය ධරණිතලයේ සෙසු පාසල් අතර පොලොන්නරුව රාජකීය විද්‍යාලයට සුවිශේෂි වටිනාකමක් හිමි වී ඇත්තේ ගුරු-සිසු දේපාර්ශවය තුලම , අතීතයේ පටන් අද දක්වාම නොනැසී පවතින හර පද්ධතිය සහ සුවිශේෂි අනන්‍යතාව හේතුවෙනි .

අප විද්‍යාලයට ආවේණික වු මෙම හර පද්ධතිය අතීතයත් , වර්තමානයත් , අනාගතයත් අතර , මනා සබැඳියාවකින් යුතුව නූතන ලොවට උචිත පරිදි ප්‍රතිසංවිධානය කරමින් පෝෂණය කිරීම අප විද්‍යාලයේ දීර්ඝ කාලීන අභිමානයට හේතු වේ .

රජකීයන් හට අධ්‍යයාපනය මෙන්ම සෞන්දර්යය, ක්‍රීඩා යන සියලු අංශයන් තුල නිපුණතාවය වර්ධනය කර ගැනීම සඳහා පහසුකම් රාශියක් පාසල තුල ගොඩ නගා ඇත.

.

සී.පී.ද.සිල්වා මැතිතුමා
රාජකීය විද්‍යාලයේ නිර්මාතෘ
රාජකීය විද්‍යාල මාතාව

ආරම්භ වූ වගයි!

ශ්‍රී ලාංකේය වංශ කතාවේ පුලතිසි පුරවරයට හිමිවන්නේ අද්විතීය, අනුස්මරණීය ස්ථනයකි.කව් සිළුමිණ, සසදාවත, කුසදාවත ආදී ශාස්ත්‍රීය පුස්තකයන් නිර්මාණය වූයේත්, ගුරුළුගෝමීන්, විදු සක්විති වන් මහා ප්‍රාඥයන් දිවි ගෙවූයේත් පුලතිසි පුරවරනම් මෙම පුණ්‍ය භූමියේ ය. අංගම්මැඩිල්ල, මාදුරු ඔය, යෝධ ඇළ වන් විශ්මයජනක වාරි තාක්ෂණයන් ද අට දා ගෙය, වට දා ගෙය වැනි ගොඩනැඟිලි තාක්ෂණයන් මෙන්ම තිවංකය, උත්තරාව වන් විශ්මිත නිර්මාණයන් බිහි වූයේත්, මෙම පුණ්‍ය භූමියේය.

ඒසා මහත් විසල් භෞතිකමය හා මානවමය සම්පතින් අනූන මෑත කාලීන ඉතිහාසයේ ද සුවිශේෂී සම්පත් මොහෝ සේ ලබන්නට වාසනාවන්ත විය.නිදහස ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කළ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිපත්තීන් තුලින් බිහි වූ, මධ්‍ය මහා විද්‍යාල සංකල්පයට අනුව, උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්තික්කයට මහඟු දායාදයක්වූ එම දීර්ඝකාලීන සැලසුම් ප්‍රකාරව 1959 අප්‍රේල් මස 10 වන දින අනාදිමත් ඉතිහාසයක් ඇති අභිමානවත් පුරවරයක කීර්තිධර විද්‍යස්ථානයක සමාරම්භය උදෙසා මංගල ශිලා ප්‍රතිශ්ඨාපණය විය.

එවකට අක්කර 52ක බිම් ප්‍රමාණයක් පුරා විහිදි මෙම විද්‍යාලය දිවයිනේ වැඩිම බිම් ප්‍රමාණයක් ඇති එකම විද්‍යාලය ලෙසද ප්‍රසිද්ධියක් දරයි. අංග සම්පූර්ණ ප්‍රධාන ශාලාවක් හස්ත කර්මාන්ත, ලෝහ කර්මාන්ත, වඩු කර්මාන්ත, කෘෂි කර්මාන්ත ගොවි බිමක් ආදිය මඟින් දරුවන්ගේ හසුරු කුසලතා දියුණු කිරීමට අවස්තාව සලසා තිබේ. එමඟින්ම ශිෂ්‍ය සෞන්දර්යාත්මක හැකියා සංවර්ධනය උදෙසා සංගීත, නර්තන, චිත්‍ර කලා, රංග කලා නිර්මාණය කර සිසු දරුවන්ගේ වින්දනාත්මක කුසලතා වර්ධනයට ද අවස්ථාව සලසා තිබේ.

පොළොන්නරුව පමණක් නොව, අවට සෙසු දිස්ත්‍රික්කයන්හි දරුවන්ට පවා අධ්‍යාපන අවස්ථා ලබා ගත හැකි වන පරිදි සියළු අංගෝපාංග සහිතව සී.පී.ද සිල්වා මැතිඳුන් ශිල්ප උගත් විදෙස් සරසවියක ආකෘතියට අනුව, දිවයිනේ කිසිදු විද්‍යාලයක දක්නට නොමැති විධිමත් සැළසුමකට අනුගතව නිර්මාණය කළ, මෙම විද්‍යාලය 1965 පෙබරවාරි 07 වන දින සිසු වග වෙත පවරා දෙනු ලැබිණි.තමා සේවය කළ ප්‍රදේශයේ දූ දරුවන් වෙනුවෙන් මෙම විද්‍යාලයේ නිර්මාතෘ සී.පී.ද සිල්වා මැතිතුමන් කළ කැපවීම සදා අමරණීය වනු ඇත.

ශිෂ්‍ය ශිෂ්‍යාවන් 57 දෙනෙකු ඇතුළත් කර ගැනීමෙන් ඇරඹි මෙ විද්‍යාලයෙහි, 1965 මාර්තු මස වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 305 ක් වූ අතර, ආරම්භක ආචාර්‍ය මණ්ඩලය 23 දෙනෙකු විය.ප්‍රථම විදුහල්පතිවරයා ලෙස රාජකාරි භාර ගනු ලැබුවේ ඩී.බී.කරුණාතිලක මහත්මාය. ප්‍රථම නියාජ්‍ය විදුහල්පතිවරයා වූයේ ගලහිටියාව මහත්මාය. විද්‍යාලීය ලාංඡනයේ නිර්මාතෘවරයා ද එතුමන්‍ ය. විද්‍යාලීය ගීතයේ නිර්මාතෘවරයා වූයේ ප්‍රථම විදුහල්පති ඩී.බී.කරුණාතිලක මහතාය.