පරිගණකය හැදින්වීම

පරිගණකය හැඳින්වීම

මෙම ලිපියෙහි
  • පරිගණක යනු කුමක් ද?
  • පරිගණක වර්ග
  • පරිගණක සමගින් ඔබට කළ හැක්කේ කුමක් ද?
 
ඔබ පරිගණක භාවිතයට නවකයෙක් ද? පරිගණකයෙන් සිදු කෙරෙන දෑ පිළිබඳව ඔබ මවිතයට පත්ව සිටින්නේ ද එවැන්නක් භාවිත කිරීමට අවශය කුමක් නිසාදැයි ඔබ සිතමින් පසුවන්නේ ද? ඔබ නිවැරදි තැනට පැමිණ ඇත. පරිගණක පිළිබඳ උපරිදැක්මක් මෙම ලිපියෙන් සපයයි: පරිගණක යනු කුමක් ද, විවිධ පරිගණක වර්ග, සහ පරිගණක භාවිතයෙන් ඔබට කුමක් කළ හැකි ද.

පරිගණක යනු කුමක් ද?

පරිගණක යනු software හෝ commands පද්ධතියකට අනුව කාර්යයන් හෝ ගණනය කිරීම් සිදු කරන යන්ත‍රයයි. පූර්ණ ඉලෙක්ටොනික පරිගණක පළමු වරට හඳුන්වාදෙනු ලැබුයේ 1940 දශකයේදීය, විශාල යන්තර වූ එම පරිගණක ක්‍රියාත්මක කිරීම සඳහා පුද්ගලයින් සමූහයක් අවශ්‍ය විය. එම පැරණි යන්ත්‍ර සමග සසඳන විට, වත්මන් පරිගණක මවිත කරවන සුලුය. එම පරිගණක පෙර පරිගණකයන්ට වඩා දහස් වාරයකින් වේගවත් වූවා පමණක් නොව, ඔබේ මේසය මත, ඔබේ උකුල මත, තබා ගැනීමට පමණක් නොව ඔබේ සාක්කුවෙහි රඳවා ගැනීමට වුව ද හැකියාව ලැබී ඇත.
දෘඪාංග(hardware) සහ මෘදුකාංගවල(software) අන්‍යෝන්‍ය ක්‍රියාකාරිත්වය මත පරිගණක ක්‍රියාත්මක වෙයි. පරිගණකයක ආවරණය සහ ඒ තුළ ඇති සියලු දෑ ඇතුළත්ව ඔබට පෙනෙන සහ ස්පර්ශ කළ හැකි කොටස් දෘඪාංග(hardware) නමින් හැඳින්වෙයි. දෘඪාංගයෙහි වැදගත්ම කොටස වන්නේ මධ්‍යම සැකසුම් ඒකකය (CPU), හෝ අණුසකසුව(processor) නමින් හැඳින්වෙන ඔබේ පරිගණකයෙහි ඇති කුඩා ඍජුකොණාස්‍රාකාර පසුරයි. එය ඔබේ පරිණකයෙහි ඇති “මොළය”යි—එය උපදෙස් පරිවර්තනය කරන සහ ගණනය කිරීම් සිදු කරන කොටසයි. මොනිටරය(monitor), යතුරුපුවරුව(keyboard), මූසිකය(mouse), මුද්‍රකය(printer), සහ වෙනත් සංරචක(devices) වැනි දෘඪාංග අයිතම දෘඪාංග උපාංග, හෝ උපාංග නමින් හැඳින්වෙයි.
මෘදුකාංග(software) යනු දෘඪාංග කළ යුතු දෑ පිළිබඳ උපදෙස්, හෝ ක්‍රමලේඛයි. ඔබේ පරිගණකයෙහි ලිපි ලිවීමට ඔබට භාවිත කළ හැකි වදන් සැකසුම් ක්‍රමලේඛයක්(microsoft word) මෘදුකාංග වර්ගයක් වෙයි. මෙහෙයුම් පද්ධතිය -opareting system(OS) යනු ඔබේ පරිගණකය සහ එයට සම්බන්ධිත උපාංග කළමනාකරණය කරන මෘදුකාංගයි. හොඳින්-හඳුනන මෙහෙයුම් පද්ධති දෙකක් වන්නේ Windows සහ Mac OSය. ඔබේ පරිගණකය Windows මෙහෙයුම් පද්ධතිය භාවිත කරයි.

පරිගණක වර්ග

ප්‍රමාණයෙන් සහ හැකියාවෙන් වෙනස් වූ පරාස පරිගණක සතුය. පරිමාණයේ එක් කෙළවරක සංකීර්ණත්වයෙන් වැඩි ගණනය කිරීම් සිදු කරන සබැඳුණු අණුසකසු(processors) දහස් ගණනකින් සමන්විත සුපිරි පරිගණක, ලෙස හැඳින්වෙන ඉතා විශාල පරිගණක පවතී. අනෙත් කෙළවරෙහි කාර්, රූපවාහිනී, ස්ටීරියෝ පද්ධති, කැල්ක්‍යුලේ‍ටර, සහ උපකරණ තුළට කාවද්දා ඇති ඉතා කුඩා පරිගණක වෙයි. මෙම පරිගණක නිපදවා ඇත්තේ සීමිත කාර්යයන් සිදු කිරීම සඳහාය.
පෞද්ගලික පරිගණකය, හෝ PC, එක් වරකට එක් පුද්ගලයකුට පමණක් භාවිත කිරීමට හැකිවන සේ සැලසුම් කර ඇත. මෙම අංශය මගින් විවිධ පෞද්ගලික පරිගණක වර්ග පිළිබඳ විස්තර කරයි: ඩෙස්ක්ටොප්-desktop, ලැප්ටොප්-laptop, අත් රැඳි පරිගණක-palmtop, සහ තල පරිගණක.

ඩෙස්ක්ටොප් පරිගණක(desktop computer)

ඩෙස්ක්ටොප් පරිගණක මේසයක් හෝ ඩෙස්කයක් මත භාවිත කිරීමට හැකිවන සේ සැලසුම් කර ඇත. සාමාන්‍යයෙන් ඒවා වෙනත් පෞද්ගලික පරිගණකවලට වඩා විශාලත්වයෙන් සහ බලවත්කමින් වැඩිය. වෙන් වෙන් වශයෙන් පවතින සංරචකවලින් ඩෙස්ක්ටොප් පරිගණක සෑදී ඇත. එහි මූලික සංරචකය, පද්ධති ඒකකය(system unit) නමින් හැඳින්වෙන අතර, සාමාන්‍යයෙන් එය මේසයක් යට හෝ මත හෝ තබන ඍජුකෝණාස්‍රාකාර ආවරණයක් සහිත වූවකි. මොනිටරය-monitor, මූසිකය-mouse, සහ යතුරුපුවරුව-keyboard වැනි වෙනත් සංරචක-device, පද්ධති ඒකකයට සම්බන්ධ කර ඇත.
 

ලැප්ටොප් පරිගණක(laptop computer)

ලැප්ටොප් පරිගණක යනු සිහින් තිරයක් සහිත බරින් අඩු ජංගම පරිගණකයකි. ඒවා ප්‍රමාණයෙන් කුඩාවීම නිසා නෝට්බුක් පරිගණක ලෙස හඳුන්වයි. ලැප්ටොප් පරිගණක බැටරි මගින් ද ක්‍රියාත්මක කළ හැකිය, එම නිසා ඒවා ඕනෑම ස්ථානයකට ගෙනයා හැකිය. ඩෙස්ක්ටොප් පරිගණක මෙන් නොව, ලැප්ටොප් පරිගණක CPU, තිරය, සහ යතුරුපුවරුව එකට සම්බන්ධ කර ඇත. භාවිත නොකරන විට තිරය යතුරු පුවරුව මතට හකුළා තබයි.
 

අත් රැඳි පරිගණක(palmtop)

අත් රැඳි පරිගණකපෞද්ගලික අංකිත සහයක (PDAs) ලෙසද හඳුන්වයි, ඒවා බැටරිවලින්-බලගැන්වූ පරිගණක වන අතර ඕනෑම ස්ථානයක ගෙන යාමට තරම් ප්‍රමාණයෙන් කුඩා වෙයි. අත් රැඳි පරිගණක ඩෙස්ක්ටොප් පරිගණක හෝ ලැප්ටොප් පරිගණක මෙන් වේගවත් නොවුව ද, ලිපින සහ දුරකථන අංක ගබඩා කිරීමෙන් හමුවීම් කාර්ය සටහන් කිරීමට සහ ක්‍රීඩාවල නියැලීමට ප්‍රයෝජනවත් වේ. සමහර පරිගණක තුළ දුරකථනයෙන් ඇමතීම හෝ අන්තර්ජාලයට පිවිසීම හෝ වැනි වඩාත් වැඩිදියුණු කළ ශක්‍යතා පවතියි. අත් රැඳි පරිගණකවල යතුරුපුවරු වෙනුවට ඔබේ ඇඟිල්ල හෝ ඵලක පෑන (පෑනක-හැඩයෙන් යුත් යොමුකිරීමේ මෙවලමක්) සමග භාවිත කරන ස්පර්ශක තිර පවතී.
 
අත් රැඳි පරිගණක

තල පරිගණක

තල පරිගණක යනු අත් රැඳි පරිගණක සහ ලැප්ටොප් පරිගණක ගුණාංග සංයුක්ත වූවකි. ලැප්ටොප් පරිගණකයන්හි මෙන් බලවත්වන අතර එයට ආවේණික වූ තිර පවතී. අත් රැඳි පරිගණකයන්හි මෙන් එහිදීද, ඵලක පෑනක් වෙනුවට සාමාන්‍යයෙන් තල පෑනක් මගින් තිරයෙහි සටහන් ලිවීමට හෝ පින්තූර ඇඳීමට ඉඩ සලසයි. එසේම ඔබේ අත්අකුරු ටයිප් කළ පෙළකට හැරවීමට ද ඊට හැකිය. සමහර තල පරිගණකයන්හි පහත පවතින යතුරු පුවරුව දිස් වෙන සේ කරකැවී දිගහැරෙන තිර සහිත “වෙනස් කළ හැකි” ඒවා ද වෙයි.
 

වැඩි දුර ඉගෙනීමට ලිපි

http://tecchilaw.blogspot.com/p/blog-page_3563.html