පොලොන්නරුව රාජකීය විද්‍යාලය තුළ පසුගියදා Covid-19 ආසාදිත සිසුන් දෙදෙනකු සොයාගත් අතර ඒ හේතුවෙන් පංති 2ක් වසා දමන ලදී .
පසුව එම සිසුන් දෙදෙනාට ආශ්රිත වූ සිසුන් හා ගුරුභවතුන් 87 දෙනෙකු PCR පරීක්ෂණයට ලක් කළ අතර ඔවුන් සියළු දෙනාටම රෝගය ආසාදනය වී නොමැති බව අනාවරණය විය.
පාසල තුළ අනුගමනය කරන ලදා විශිෂ්ඨ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත මෙයට ප්‍රධාන හේතුවයි.
තම දරුවන් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව පාසල් එවීමට බිය නොවන ලෙස විදුහල්පතිතුමා දෙමාපියන් වෙත දන්වා සිටියි.
මෙම තත්ත්වය පාලනය කිරීමට සහාය දුන් සෞඛ්‍ය අංශ ඇතුළු සියලු දෙනාට ස්තූතිය පුදකරන බව එතුමා වැඩිදුරටත් දන්වා සිටියි.
